ලේ_බිදුවක_ආදරේ



"ඒයි බැල්ලී තෝ මොකා එක්කද හිටියෙ ගෑණියේ"
තිරුල්ගේ කෑගැහිල්ලට හැරිලා බලනවත් එක්කම විහාරාට කම්මුල්පාරක් වැදුනේ ඇයට සිතන්නවත් වෙලාවක් නොදී.තිරුල්ගේ කම්මුල්පාරේ සැරට පැය ගානක් අඩලා හෙම්බත් වෙලා හිටිය විහාරා බිම ඇදවැටුනේ මුලු ඇගම පණ නැතිවෙලා යද්දී.ඇය අත් දෙකෙන්ම කම්මුල අල්ලගත්තේ කම්මුල වේදනාවෙන් පුපුරුගහන නිසා.ඇග දවටන් හිටිය බෙඩ්ෂීට් එක බිමට වැටෙනවවත් ඇයට ගානක් නෑ.
"මොකක්ද අනේ මෙයාට එකපාරටම වුනේ.දැන් ටිකකට කලින් හොදට හිටියනේ"
කෙල්ල එහෙම හිතන ගමන්මයි තිරුල්ගේ මූණ දිහා බැලුවේ.ඒ ඇස් දෙක ගොරකා මද දෙකක් වාගේ රතුපාටින් දිලිසෙද්දී ඇය ඒ ඇස් දෙක දිහා බලන් හිටියේ කතා කරන්න වචන එකතුකරගන්නත් අපහසුවෙන්.
"කියපිය තෝ මාව රවට්ටලා කාත් එක්කද හිටියේ"
දෙවනි පාරටත් තිරුල්ගේ අත ඇවිත් නැවතුනේ විහාරගේ කම්මුලේ
"අනේ ඇයි අයියේ මේ"
බැරිම තැන විහාරා සිත බියෙන් ගැහෙද්දී වචන එකතුකරලා කතා කරේ ඔහු මෙහෙම හැසිරෙන්න හේතුව ඇත්තටම ඇයට හිතාගන්න බැරි නිසා.
තිරුල් කියන්නේ කොහොමත් කුකුල් කේන්තිකාරයෙක්.කෙල්ලගේ පොඩි වැරැද්දක් වුනත් ඇස් දෙකත් රතුකරගෙන කෙල්ලට කෑ ගහනවා.කෙල්ලට මේ දේවල් කොහොමත් පුරුදුයි.ඒ නපුරුකම් අස්සේ තියෙන්නේ කියාගන්න බැරි තරම් ආදරයක් කියලා විහාරා දන්නවා.ඒ හින්දම තමයි මොනතරම් නපුරුකම් කලත් කෙල්ල තිරුල්ට ආදරේ කරන්නේ.ඒත අද මේ තරම් තරහගන්න නම් කිසිම වැරැද්දක් කෙල්ල කලේ නෑ.අද වැරැද්දක් කලා නම් කලේ තිරුල් තමයි.
"ඇයි අනේ මෙයා මේ තරම් තරහ අරගෙන ඉන්නේ.නපුරට තරහ යන්න තරම් දෙයක් කලේ නෑනේ මං.අද වැරැද්දක් කලා නම් ඔයයි කලේ අයියේ.ඒත් මන් ඔයාට වචනයක් වත් කිවුවේ නැත්තේ ඔයා මගේ පණ නිසා"
කෙල්ල හිතුවට කිවුවේ නෑ ඒක
"මොන ලෝකෙද ඕයි තමුසෙ ඉන්නෙ ආ... කියන්න බොරුවක් කල්පනා කරනවද"
විහාරා පියවි සිහියට ආවේ තිරුල්ගේ කෑගැහිල්ලෙන්
අවුරුදු විසි එකක කෙල්ලෙක්.තාම ඉගෙනගන්නවා.ප්රයිවට් කැම්පස් එක්ක.විහාරගෙ හොදම යාලුවා තමයි ජානකී.එයා ටැමිල් ගර්ල් කෙනෙක්.විහාරා නැවතිලා හිටියේ කැම්පස් එක ලග හොස්ටල් එක්ක.ඒ ලගම තමයි ජානකීගේ ගෙවල් තිබුනෙත්.දවසක් ජානකීලගෙ ගෙදර ගිය වෙලාවක අහම්බෙන් තමයි තිරුල්ව දැක්කේ.තිරුල් කියන්නේ ජානකීගේ නෑදෑ වෙම අයියා කෙනෙක්.
විහාරා එදා ඉදන් ඒ ආඩම්බරකාර නපුරට ආදරේ කලා.අනික් යාලුවෝ කොච්චර අනන් මනන් කිවුවත් විහාරට නම් කවදාවත්ම තිරුල්ගේ ජාතිය ප්රශ්නයක් වුනේ නෑ.ඒ තරම්ම තිරුල්ට ඇය ආදරේ කලා.
විහාරට වැඩිය අවුරුදු පහක් වැඩිමල්.ස්ථීර රස්සාවක් නම් තිබුනේ නෑ.මේසන් වැඩවලට අත් උදවු දෙන එක තමයි කරන්නේ.ඒත් කෙල්ලට ඒක ප්රශ්නයක් වුනේ නෑ.දෙන්නත් එක්කම හැමදේකින්ම ඉස්සරහට යන්න තමයි කෙල්ලට ඕනේ වුනේ.
අදත් විහාරා උදේම ආවේ ජානකීව හම්බවෙන්න කියලා.ඒත් ඉතින් ජානකීව හම්බවෙනවටත් වැඩිය කෙල්ලගෙ හිතේ තිබුනේ තිරුල්ව බලන්න ඕනේ කියන එක.අද දෙන්නගේ ආදරේට හරියටම අවුරුද්දයි.ඉතින් කෙල්ල තිරුල්ව හම්බෙනකන් හිටියේ ගොඩක් සතුටින්.
ඒත් වුනේ විහාරා හීනෙකින්වත් හිතපු නැතිදෙයක්.කෙල්ල කෑ ගහගෙන ගේ ඇතුලට ගියේ ජානකී ඇති කියලා හිතාගෙන.ඒත් තිරුල් විතරයි ගෙදර හිටියේ.උදේම විහාරාව දැක්කම තිරුල්ටත් තමන්ගේ හැගීම් පාලනය කරගන්න බැරිවුනා.මෙච්චර කාලයක් තිරුල් කිසිම වැරැද්දක් නොකර රැකගත්ත කෙල්ල ඔහුටත් අවනත් නොවූ ඔහුගේ හැගීම් නිසා ගතිනුත් ඔහුගේම වුනා.මුලදි විහාරා ඔහුට විරුද්ධ වෙලා ඔහුව තල්ලු කර දැමුවත් පසුව ඒ පහසට නතුවුනේ කවදාවත් කිසිම වෙලාවක ඒ ආදරේ ලග කෙල්ල විරුද්ධ වෙලා නැති නිසා.
හැගීම්වලට වහල් වෙලා මොන විදියට හැසිරුනත් බෙඩ්ෂීට් එකත් ගත දවටන් අඩන් කෙල්ල දැක්කම කොල්ලට තමන් ගැනම ඇතිවුනේ පුදුම තරහක්.ඒකයි කෙල්ල අඩද්දි තමන්ගේ පපුවට තුරුල් කරගෙන ඒ හිස අත ගෑවේ.කවදාවත් නැතුව කොල්ලගෙ ඇස් දෙකටත් ඒ වෙලාවේ කදුලු පිරුනා.
මොන වැරැද්ද කලත් ඒ නපුරු ආඩම්බරකරයාගේ ඇස් දෙකෙන් කදුලක් වැටෙනවා බලන්න තරම් කෙල්ලට හයියක් නෑ.ඒකයි කොයිතරම් අඩලා හෙම්බත් වෙලා හිටියත් තමන්ගේ කදුලු පිහිදගෙන බාත්රූම් එකට යන්න නැගිටලා ආවේ.වරදකාරී හැගීමක් දැනුනත් කෙල්ල හිත හදාගත්තේ ඒ ආදරේ ඇයට විශ්වාස නිසා.එතකොටම තමයි තිරුල් කෑගහන්න ගත්තේ.
"මෙයාට මොකද මේ වුනේ.දැන් මගේ ඔලුව අතගගානේ හිටියේ.එකපාරටම මෙහෙම තරහ ගන්නෙ ඇයි"
එහෙම හිත හිතමයි කෙල්ල ඔහු දිහා බලන් හිටියේ.
"මගේ දිහා නෙමෙයි බලපිය මේ ඇද දිහා"
කෙල්ල ඇද දිහා බැලුවෙ එතකොට ඇයගෙත් ඇස් දෙක උඩ ගියා.තිරුල් මේ තරම් තරහගන්න හේතුව කෙල්ලට තේරුනේ ඒ වෙලාවේ.ඇද රෙද්ද හිස්.ඒ මත ඇගේ නිවැරදි බවේ සලකුන ඒ ලේ පැල්ලම තිබ්බේ නෑ.
"අනේ දෙයියනේ කොහොමද එහෙම වුනේ"
කෙල්ලට කියවුනේ ඇගේ අත ඇද රෙද්දෙන් තියන ගමන්මයි.
"කොහොමද උනේ කියලා මගෙනද අහන්නේ යකෝ.තෝ මොකා එක්ක්ද හිටියෙ කියලා මංද දන්නේ."
තිරුල් කෑ ගැසුවේ ඇද රෙද්දත් එහාට විසික්කර
දමමිනි.
"අනේ සත්තයි අයියේ මං එහෙම නෑ අනේ...මං ඔයාට වැරැද්දක් කලේ නෑ දෙයියනේ."
කෙල්ල තිරුල්ගේ කකුල් දෙක බදාගෙන ඇඩුවේ ඇයටත් මෙය සිතාගත නොහැකිවූ නිසාය.
"උඹව මං බැන්දේ නැති එකමයි හොද.බැන්දට පස්සේ මේ ගැන දැනගත්තා නම් කොච්චර ලැජ්ජාවකද මට"
තිරුල් ඇය බදාගෙන සිටි කකුලත් ගසාදමමින් නැගිට ගියේ ඇය කෑගසමින් හඩාවැටෙද්දීය.
අමාරුවෙන් ඇද පාමුල තිබූ ඇදුම් ටික ඇහිදගත් විහාරා බෝඩිමට ගොස් ඇදට වැටුනේ ගතට දැනෙන විඩාවටත් වඩා සිත පෑරී ඇති නිසාය.
"අනේ කොහොමද දෙයියනේ එහෙම වුනේ.මං කවදාවත් එහෙම වැරැද්ද්ක් කරලා නෑනේ.එතකොට කොහොමද මෙහෙම වුනේ.මට මේ මොකුත් හිතාගන්න බෑ"
විහාරා කොට්ටය බදාගෙන හඩාවැටුනේ වෙන කලහැකි දෙයක් නොවූ නිසාය.සිත හඩා වැටෙන්නේ ආත්ම ගෞරවය නැතිවූ දුකට මෙන්ම තමන් පණ වගේ ආදරය කල ඒ ආදරය අහිමිවූ දුකටය.
විහාරා සැරින් සැරේ තිරුල්ට කෝල් ගත්තේ ඔහු දැන් හෝ වෙනස් වී ඇයව තේරුම් ගනීයැයි සිතමිනි.එහෙත් ඔහු ඒ එක කෝල් එක්කටවත් සම්බන්ධ නොවන විට ඇය තවත් සිතේ ගින්දරින් පිච්චුනේ කුමක් කරන්නදැයි සිතාගත නොහැකිවය.
රැය ගතවුනේ කෙසේදැයි ඇයටත් සිතාගත නොහැකිය.මුළු රැය තිස්සේම හඩාවැටී ඉදිමී ඇති ඇස් දෙක අරින්නත් අමාරුය.දැඩි හිසරදයක් දැනුනද එයත් අමතක කර දමා නැවතත් තිරුල්ට ඇමතුමක් ගත්තේ ඔහු දැන් හෝ කතා කරතියැයි සිතාගෙනය.
"අනේ දැන්වත් කතා කරන්නකෝ මහත්තයෝ.මං ඔයාට වැරැද්දක් කලේ නෑ"
පෝන් එකත් කනේ තියාගෙනම විහාරා සිතුවේ ඉදිමුණු ඇස් දෙකෙන් තවත් කදුළු වැක්කෙරෙද්දීය.
"උඹට ලැජ්ජාවක් නැද්ද ගෑනියේ එක එකා එක්ක ගිහිල්ලා තවත් මට කතා කරන්නේ තෝ නම් මහ ජරා ගෑනියෙක්.ලැජ්ජයි හලෝ මං තමුසෙට ආදරේ කලා කියලා හිතද්දිත්.එක එකා එක්ක ගිය ගෑනු මට ඕනෙ නෑ.ආයේ මට කෝල් අරන් තිබුනොත් බලාගනින්න්කෝ...."
විහාරා වචනයක් වත් කතා කරන්නත් කලින් තිරුල් කෑ ගහලා පෝන් එක තිබ්බේ විහාරාගේ සිතා තවත් පාරවමිනි.
කවුරු අපහාස කෙරුවත් ගැනැණියකට එය කෙලෙස හෝ දරාගෙන සිටිය හැකිය.එහෙත් තමන් පණ වගේ ආදරය කරන කෙනා තමන්ට අපහාස කරනකොට එය ඉවසා සිටීම කොහොමත් අමාරු දෙයකි.තිරුල්ගේ වචනත් එක්ක විහාරාට දැනුනේ තමන් ගිනි ගොඩක පිලිස්සෙනවා වැනි හැගීමකි.විහාරා තනිවම ජීවත් වීමට සිතාගත්තේ තිරුල්ගෙ ඒ වචන ටික විහාරාව නොමරා මැරූ නිසාවෙනි.
🍷 🍷 🍷 🍷 🍷
මාස තුනක් යන්නටත් මත්තෙන්ම තිරුල් වෙනත් යුවතියක් හා විවාහවූයේ විහාරා කෙනෙක් තම ජීවිතයේ සිටියබවත් අමතක කරදමමිනි.
"කමක් නෑ තිරූ අයියේ ඔයා සතුටින් ඉන්න මං ඔයාට කවදාවත් වදයක් වෙන්නේ නෑ.ඔයාගේ සතුට විතරයි මට වටින්නේ.මං ඔයාට කවදාවත්ම වැරැද්දක් කරලා නෑ.ඔයා මං ගැන කොහොම හිතුවත් එහෙම උනේ කොහොමද කියලා මං වත් දන්නේ නෑ"
තිරුල් විවාහ වූ බව දැනගත් දිනයේ විහාරා ඔහුගේ පොටෝ එකක් බදාගෙන පැවසුවේ ඔහු වෙන අයෙකුගේ බව සිතද්දීත් හිතට දැනෙන වේදනාව යටපත් කරගනිමිනි.
විවාහ වී මාසයක් යන්නටත් පෙර තිරුල් ඇක්සිඩන්ට් වූ බව විහාරා දැනගත්තේ තිරුල්ගේ යහළුවෙක්ගෙනි.ලගට යන්නට බැරි වුවත් දුරින් හිද හෝ ඔහු බලන්නට ඇය හොස්පිටල් එකට ගියේ තවමත් ඇය ඔහුට එදා මෙන් ආදරය කල නිසාය.
ඒත් එහිදී ඇයට අසන්නට ලැබුනු දෙයට ඇගේ දෙපා පවා පණ නැතිව ගියේ ඉස්සර තමන්ගේම දරුවෙක් ගැන කතාවෙද්දී ඒ මුහුණේ ලස්සනට ඇදෙන හිනාව මතක්වූ නිසාය.
"අනේ ඇයි මහත්තයෝ ඔයාට මෙහෙම වුනේ.ඔයා කොයිතරම් ආසාවෙන්ද හිටියේ තමන්ගේම දරුවෙක්ට.ඒත් මේ ඇක්සිඩන්ට් එක හින්දා ඔයාට තාත්තා කෙනෙක් වෙන්න බෑලු.ඔයාට කොච්චර දුක හිතෙයිද අයියේ මේක දැනගත්තම.ඔයා දුක් වෙනවා බලන්න මට බෑ.මට කරන්න පුලුවන් ඕනෙම දෙයක් මං කරනවා"
විහාරා පොරොන්දු වූයේ පෝන් එකේ ඇති තිරුල්ගේ පොටෝ එකටය.
🍷 🍷 🍷 🍷 🍷
මාස නවයකට පසු
"අහන්නකෝ තිරුල් කියන්න දෙයක් තියෙනවා"
තිරුල් කල්පනා කරමින් සිටි තැනට පැමින ඔහුගේ බිරිද ත්රිපාලී පැවසුවේ තිරුල් දරුවෙක් ගැන වදවෙන බව හොදින්ම දන්නා නිසාය.
"ඔයා කියන්නේ දරුවෙක් හදාගන්න එක ගැන නම් අපි ඒ ගැන කතා නොකර ඉමු.මට ඕනේ මගේ ලේ තියෙන දරුවෙක්"
තිරුල් කෑ ගැසුවේ කෝපයෙනි.
"හරි එහෙම නෙමෙයි මං මේ කියන කතාව පොඩ්ඩක් අහන්නකෝ.ඊට පස්සේ ඔයා කැමති නම් විතරක් අපි ඒ බබාව හදාගමු"
"හරි හරි කියනවකෝ ඔය මහලොකු කතාව"
තිරුල් කෝපයෙන් කෑගැසුවද දරුවෙක්ගේ සිහිනය ඇගේ හිතේද ඕනෙවටත් වඩා තියෙන නිසාම ත්රිපාලී තිරුල් ලගින් වාඩිවී කතාව පටන් ගත්තේ මේ ලමයා හරි ගෙනත් හදාගැනීමට තිරුල්ව කොහොම හරි කැමති කරගන්නවායැයි සිතමිනි.
"තිරුල් මට නංගි කෙනෙක් හම්බුනා පාරේ කලන්තෙ දාලා වැටෙන්න යද්දී.එයා ප්රෙග්නන්ට් මං එයාව ගිහින් දැම්මා.එයා බෝඩිමක ඉන්නේ.එයාගේ මහත්තයා නැති වෙලාලු.බබා හම්බෙන්න ඉන්නෙ කියලා දැනගනකොටත් එයා නැති වෙලාලු.එයාගේ මහත්තයා ටැමිල් කෙනෙක්.ඒ නිසා නංගිගේ ගෙදර අයත් කැමති නෑලු එයාව තියාගන්න.ඒ හින්දා එයා තනියම තමයි ඉන්නෙ"
"ඒක නෙමෙයි ලොකුම ප්රශ්නේ.එයා හාර්ට් පේෂන්ට් කෙනෙක්ලු.ඒක දැනගෙන තියෙන්නෙත් ප්රෙග්නන්ට් කියලා දැනග්ත්තට පස්සේ.ඩොක්ටර්ස්ලා කියලා තියෙනවා බබාව හදන්න එපා කියලා.එහෙම වුනොත් එයාගේ ජීවිතේ ෂුවර් නෑ කියලා.ඒත් එයා ඒකට කැමති වෙලා නෑ.එයාගේ මහත්තයා වෙනුවෙන් තියෙන එකම දේ කියලා බබා එයාට ඕනෙමයි කියලා"
"මං පුලුවන් වෙලාවට ගිහින් එයාව බලලා ආවා.මගෙ ප්රශ්නෙත් එයා දන්නවා අපිට බබාලා නෑ කියලා.ඉතින් එයා කියනවා කොහොමත් දරුවා හම්බෙද්දී එයා මැරෙයිලු.කිසිම වෙනසක් නොකර ඒ දරුවව බලාගන්නලු.දැන් එයා හොස්පිට්ල් එකේ ඉන්නේ.අද විතර දරුවා හම්බෙයි.අනේ තිරුල් අපි ඒ දරුවව ගේමුකෝ."
ත්රිපාලී එක හුස්මට කියාගෙන ගියේ තිරුල්ව කොහොම හරි කැමතිකරගැනීමටය.
"හරි හරි අපි යමුකෝ'
අවසානයේ තිරුල් කැමතිවුයේ ත්රිපාලිවද පුදුම කරවමිනි.
දෙදෙනාම යනවිට ඇයට දරුවා ලැබී තිබිණි.
"ඔයා නේද ත්රිපාලී කියන්නේ.ඔයාට නේද දරුවව බාරදෙන්න කිවුවේ"
රෝස පාට රෙදිකඩකින් ඔතා දරුවත් රැගෙන පැමිණි හෙදියක් ඇසුවේ ත්රිපාලී කලිනුත් තමන්ගේ මව සමග පැමිණ ඇති නිසාය.
දරුවා අතට ගත් ත්රිපාලිට දරුවාගේ මව ගැන ඇසීමටවත් සිහියක් නොමැතිව දරුවා සිපගත්තේ සිතට දැනුන සතුට නිසාය.
තිරුල්ට් මේ මුහුණේ හුරුපුරුදු බවක් දැනෙද්දී ඒ මුහුණ දෙස බලා සිටියේ එය තෝරාගැනීමටය.තිරුල්ගේ හිත ගැස්සී ගියේ තමන්ගේ වගේම තොලට ඉහලින් ඇති ලපය දුටු විටය.
"නර්ස් කෝ මෙයාගේ අම්මා"
තිරුල් ඇසුවේ කලබලයෙනි
"එයා නම් නැති වුනා මිස්ට"
"අපිට එයාව බලන්න පුලුවන්ද"
"පුලුවන් ඔයා විතරක් එන්න වයිෆ් අතේ බබා ඉන්නවනේ"
තිරුල් හෙදිය පසුපස ගියේ නොසන්සුන් සිතිනි.
"මේ ඉන්නේ මෙයාගේ තමයි දරුවා"
හෙදිය සුදු රෙද්ද ඉවත්කල මුහුණ දුටු විට තිරුල්ගෙ දෙපා පවා පණ නැතිවිය.
"මෙයාට කලින්ම කිවුවා දරුවව හදන්න එපා කියලා.ඒත් දරුවා ඕනෙමයි කිවුවා.අන්තිමට අපි සීසර් කරලා ගන්න හැදුවත් කැමති වුනේ නෑ.එයාට ඕනේ වුනේ දරුවගේ ජීවිතේ බේරගන්න විතරයි.එයා කොහොමත් ජීවිතේ අතහැරලා තිබුනේ.අනික එයාගේ කන්යා පටලය බිදිලා තිබුනෙත් නෑ.ඒ හින්දා දරුවා හම්බෙද්දී ගොඩක් ලේ ගියා.එයාව ජීවත් කරවන්න තිබ්බ අන්තිම බලාපොරොත්තුවත් නැතිවෙලා ගියේ ඒකෙන් තමයි."
ඒ මුහුණ දෙස බලා සිටි තිරුල්ට හෙදිය කියන දේවල් ඇහුනේ සිහිනයෙන් මෙනි.
ඇයත් සමග කතා කල අන්තිම දවසේ ගලවා දැමූ සිම් එක තිරුල් පර්ස් එකෙන් අරන් දාගත්තේ හිත ගැහෙද්දීමය.පෝන් එක ඔන් කරනකොටම මැසේජ් වලින් පිරීගියේ එය මාස ගානක්ම ගලවා තිබු නිසාය.අන්තිම මැසේජ් එක ඇවිත් තිබුනේ ඊයේ දවසේදීය.
"මං ත්රිපාලී අක්කව යාලු කරගත්තා ඔයාගේ දෙයක් ඔයා ලගටම දෙන්න ඕනේ නිසා.ඔයාගෙ සතුට එයා අතේ ඔයා ලගට එයි.ඔයාගේ දරුවෙක්ට ඔයා කොයිතරම් ආසයිද කියලා මං හොදටම දන්නවා.එයාව පරිස්සමෙන් බලාගන්න මේ ඔයාගේ ලේ...."
තිරුල්ට දැනුනේ තම හිස මත අකුණක් පුපුරා ගියා වැනි හැගීමකි.
"අනේ මැණික මට සමාවෙයන්........"
ඔහුට කටින් වචනයක් පිට නොවෙන තරම් ය.තිරුල් ඇගේ මිනිය බදාගෙන හඩාවැටුනේ රෝහල දෙදරන තරම් හයියෙන් කෑගසමිනි.
🍷නිමි🍷