රන්_මුදුවක_කතාවක්
"අඩේ ඇති බං.........යකෝ බිවා කියලා ප්රශ්න විසෙදනවම් මේ ලෝකේ අඩියෙන් අඩියට බාර් තියෙන්න එපෙයි...උඹ නිකන් මොකෙක්ද එකෙක් වගේ ඔහොම බිලා මොන රෙද්දක් කරන්නද බලාපොරොත්තු වෙන්නේ.........."
"මට දුකයි බං....මට දුකයි....."
"මොකක්......"
"සචියා උඹ දන්නවා මම පවනිට කොච්චර ආදරේ කළාද කියලා...හැබැයි පවනිට ඕනි වුනේ #හැමදේම_තියෙන_එකෙක් මිස හැමදේම හොයාගෙන යන එකෙක් නෙවෙයි...යකෝ මම දුප්පත්...ඒක මම උපතින් අරගෙන ආව දෙයක් නෙවෙයි.හැබැයි දුප්පත් හින්දාම මම හැමදේම අඩියේ ඉදන් පටන් ගත්තා...ඒකි ඒ හැමදේම දැන දැන මාව මෙච්චර දුරක් අරගෙන ඇවිත් දාලා යන්න ගියා....දන්නවද ඒකි අවසානේට කිවේ මම #නිකමෙක්ලු.මට #ස්ථාවරත්වයක්_නෑලු..සචියා උඹ දන්නවා මම ලව් කරන්න ගත්තොත් බොක්කෙන්ම ලව් කරනවා..යකෝ මම අතේ ඇගිලි ගානට කෙල්ලෝ තියන හිටියේ නෑ.අන්න ඒ නිසාම මට කෙලවුනා සචියා...මම දැන් පිස්සෙක් වගේ...."
"නොදකින් බූරූවා...යකෝ ආදරේ හින්දා පිස්සෙක් වෙන්න තරම් උඹට පිස්සුද..#දාලා_ගිය_එකාට_ඇඩෙන්න_උඹ _ජිවිතේ්_ගොඩ_බලයන්..මොකද ඇඩුවා කියලා උඹේ කදුළු දකින්න ඒකි ආයේ එන්නේ නෑ.හැබැයි උඹේ කදුළු නොදැක්ක ඒකි උඹේ සතුට දැක්ක දවසට උඹට කතා කරයි...ඒත් එකම එක දෙයක්...ගියපු එකෙක් ආයේ ඇවිත් භාරගන්න තරමට උඹ මෝඩයෙක් වෙන්න ඕනි නෑ කියන්න තේරුම් ගනින්.මොකද එකපාරක් කිය එකෙක්ට ආයේ පාරක් යනවා කියන සුළු දෙයක්..."
"සචි....."
"නෑ බිපන් අද ඇති වෙනකන් බිලා හෙට ඉදන් හිතපන් උඹ ආදරයක් හින්දා විනාස වෙනවද කියලා...හදපු වඩපු අම්මා අප්පච්චිගේ නම තියපන්...මොකද උඹ කරන දෙයින් නම යන්නේ ඒ මනුස්සයන්ගෙන්...අරකි උඹ #නිකමෙක් කිවානම් ඒ වචනෙන් උඹ ජිවිතේ පටන් ගනින්...මොකද මම දන්න තරම මොන ජිවිතේක වුනත් #ප්රතික්ෂේප_විම_තරම්_නැගිටින්න හේතුවක් තවත් නෑ...මතක් කර කර හිතපන් ඒ දේ ගැන..උඹ හැමදේම එතකොට තේරුම් යයි අරෝෂ්...."
සචින් මට කියුවේ එපමණයි.මා තවමත් මේසය මත ඇති මත් පැන් බෝතලය හිස් කලේ පවනිගේ මතකය ඇස් ඉදිරියේ මැවෙන විටය...සමහර විට මේ සිද්ධ විය යුතු දෙයක් බව මටම හිතුනේ ඇයව මා නතර කරගන්න කොතෙකුත් හේතු කිවද ඇය ගිය නිසාවෙනි....
දවස් තුනකට පස්සේ මා අද නුවර වැව ළගට ආවේ ජිවිතේ එක අඩියක් හෝ ඉදිරියට තැබිය යුතුය් කියා හදවතය තට්ටු කරමින්ය...උපතින්ම මට හිමිවුන අතේ හයිය චිත්ර කලාවට පණ දෙන්න හිතුනේ හැකියාවෙන් ඉදිරියට යන්න බලාගෙනය...ඒත් ඒ හැමදේම පැත්තට දාලි පවනිගේ ආදරය ළග මා සිගමන් යැද්දේ සියල්ලට වඩා ඇය මට වටිනවා යැයි සිතු නිසාවෙනි.ඒත් #නොගැළපිම්_ගැළපිම්_කරගන්නමා ගත්ත උත්සහය ගඟට කැපු ඉනි මෙන් හැගුනේ මා ඇය ලග තියාගන්න සෙවු හේතු වලට වඩා ඇය මා දමා යන්න සෙවු හේතු වැඩි නිසාවෙනි....
නුවර වැව දිහාම බලාගෙන උඩුගුවනට පේන දළදා සිතුවම මා අතින් කොළයක හැඩවෙන්න ගත්තේ මටත් නොදැනිමය..ඇද ඇති සිතුවම් වලට විදේශිකයන්ගේ ඉල්ලුම තව තවත් වැඩි වෙද්දි හදවත පුරා පුංචි සතුටක් යන්න වුනේ මටත් නොදැනිමය..නමින් අරෝෂ් භවන්ත වුන මම තනියම ජිවිතේ වෙනස් විදිහකට දකින කෙනෙක් වුනේ මේ හැකියාව නිසාමය...
"එක්සියුස් මී"
සිතුවම් වෙතම හිත තිබු මගේ හිත වෙනස් වුනේ ළගින්ම ඇහුන තරුණියකගේ කටහඩකි...මා ඇය දිහා බලද්දි ඇය හිනා වි මා දෙස බැලුවේ හදිස්සියේ මාව සොයා ආ ලෙසටය...
"ඔයාගේ ආර්ට් නයිස්..මට චුටි උදව්වක් කරනවද...."
"කියන්න"
ඇය හදිස්සියේ කියන වචන පවා පැටලෙද්දි ඇය කියන දේ මම සාවධානව අසා සිටියේය..
"මම දැන් මෙතනට කෙනෙක් ගෙන්නනවා.ඔයාට පුළුවන් එයාව අදින්න."
"දැන්ම...."
"ඔව් ඔව් අයියෝ දැන්ම තමා....."
"හ්ම්ම්ම් හරි එයාව මේ පුටුවෙන් ඉන්දවන්න මම බඩු ටික හදාගන්නම්..."
ඇත්තටම හිතට දැනුනේ පුදුමයක්.ජිවිතේ කවදාවත් මට එහෙම දෙයක් පවනිවත් කියලා නෑ...පැන්සල් අතට අරගෙන ඉදිරිය බැලුවේ අදින්න කියපු කෙනා කවුද බලන්නය...හිතන්න පුළුවන් සුදු දිග සායකට අත් දිග බ්ලවුස් එකක් ඇදගෙන වයලිනය අතේ තියන් කෙල්ලෙක් හිටියේ මම දිහාම බලාගෙන...
"ඉක්මනට අදින්න අයියෝ...."
ලග හිටපු කෙල්ල එහෙම කියද්දි මම ඉදන් හිටපු යුවතිය පැන්සල් තුඩින් කොළයකට සිතුවම් කගේ ඒ රුව ඇත්තටම හදවත නතර කල බව මටම දැනෙද්දි.පැයක් වගේ කාලයක් තුළ සිතුවම නිමා කරන්න මට පුළුවන් වෙද්දි තරුණියන් දෙදෙනාම මම දිහා බලාගෙන ඉදිරියට ආවේ සිතුවම ගන්නය....
"අයියේ චුට්ටක් ඉන්න මම පටස් ගාලා එන්නම්...."
මුලින් කතා කරපු යුවතිය මා ලගින් යද්දි සිතුවමට ඇදි යුවතිය වටපිට බලද්දි මා ඇයට සිතුවම පෙන්නුවේ
"බලලා කියන්න ලස්සනයි ද"
ඇයට එසේ පවසමින්.......
"හ්ම්ම්ම් ගොඩක් ලස්සනයි "
නුවර වැව දිහා බලාගෙන ඇය කියද්දි මට දැනුනේ පුදුමයකි...
"වැවේ ලස්සන නෙවෙයි ඇදපු එකේ ලස්සන බලන්න..."
මම කෙල්ල දිහාම බලාගෙන කියද්දි ඒ මුහුණේ හරි අපූරූ හිනාවක් ගියේ මට පුදුමයක් එක් කරමින්..
"ඇත්තටම ලස්සනයි...."
කෙල්ල සිතුවම දිහා එකපාරක් බැලුවේ නැත..පුදුමයට වඩා තරහක් ආවේ ඇය මා විහිලුවට ගත්තාද යන්න සිතුන නිසා...
"බලන්නේ නැතුව ලස්සනයි කියන්නේ මේක කැත නිසානේ..."
තරහටම කියලා දාද්දි කෙල්ලගේ ඇස් වලින් කදුළක් වැටුනේ අහම්බෙන් ඒ කදුළු මම දකින විට.
"ඉපදුන දවසේ ඉදන් කළුම කළු ලෝකයක ජිවත් වුන මම ජිවිතේ පළවෙනි පාරට ඔය වගේ සුදු කොළේක ඉන්නවා කියන්න දන්න නිසා නොදැක වුනත් ලස්සනයි කියන්න පුළුවන් මට...හිතින් මවාගත්ත ලෝකයක් ඇරෙන්න මට ඔයා වගේ මේ ලෝකේ බලන්න ඇස් දෙකක් තිබුනට එළියක් අයිති නෑ මට...ඉතින් හැමෝම මාව අදින්න බෑ ඇන්දට දකින්න බැරි නිසා තේරුමක් නෑ කියද්දි ඔයා මාව ඇන්දා.ඉතින් මම කියන්න දන්නේ ලස්සනයි කියලා විතරයි...."
වචන අවසානයේ මගේ හදවත පුරා විදුලිය ගියා වැනි හැගිමක් දැනුනේ කවදාවත් එහෙම දෙයක් මට දැනි නිසා..ඇත්තටම කෙල්ලගේ ඇස් නොපෙනෙන බව මා දැනගත්තේ ඒ මොහොතේය...යාළුවා පැමිණ ඇය යන්න යද්දි ඇය බෑග් එක පුරා යමක් හොයන්න ගත්තේ මම මෙන්ම අනිත් යෙහෙළියද බලා සිටින විටය...
ඇය බෑග් එක පුරා පුරුද්දට අත යවා පිරිත් නුලක් අතට ගත්තේ මගේ දෑස් ඇය වෙතම තියෙද්දි.
"අත පොඩ්ඩක් දෙන්න......"
ඇයට මා අත දිගු කරද්දි යාළුවා මගේ අත මත ඇගේ අත තැබුවේ පිරිත් නූල ඇයට බදින්න හැකි ලෙසය...පිරිත් නුල බැද අවසානයේ
"මට මාව දකින්න බෑ.මට ඔයා දකින්න බෑ.හැබැයි ඔයාගේ හදවත මගේ හදවතට දකින්න පුළුවන්.ලොකු දේවල් දිලා මේ සිතුවම ගැන කියන්න දේවල් මම දන්නේ නෑ.හැබැයි එක දෙයක් මේ ආශිර්වාදය ඔයාට ගොඩක් වටිවි...."
ඇය එපමණක් කියා යන්න ගියේ හදවතේ එක් තැනක ඇය නතර වෙද්දි...ඇගේ සිතුවම අනිත් දින මා දෙන්නම් කිවේ මා හට ඒ සිතුවම වටින නිසාවෙනි ..
කාලයත් එක්ක එදා ඒ අහම්බෙන් හමුවුන කෙනා අද මගේ ජිවිතේ කොටසක් වී හමාරය..කතානට කියනවා වගේ #අහම්බෙන්_ජිවිතේට_එන_සමහරු_සදහටම_අපි_ළග_නතර_වෙනවා...හරියට හිරුන්දි මගේ ලග නතර වුනා වගේ...මම සිතුවම් අදිද්දි ඇය දෑස් නොපෙනුනත් වයලිනය ගැයුවේ බොහෝ දෙනා අපේ ගමනට අත්වැල දෙන විටය.
කාලයත් එක්ක මුදල් අතට හමු වෙද්දි මා මුලින්ම ඇගේ දෑස් සුව කළේ පිටරට ගෙන ගොස්ය.මා ලෝකය දැක්තේ ඇයගෙන් වෙද්දි ඇය ලෝකය දැක්කේ මගෙන්ය...ඒත් ඇයද මේ ලොව විදිය යුතුය...ඇගේ දෑස් සුව වි අපේම ගමන එකටම යන්න අපේ අදහස් මනා සේ ගළපගන්න පුළුවන් විය...රංඩු මැද ආදරය ගලාගෙන ගියද ඇය මගේ #අඩුපාඩු_දැක_දමා_ගියේ _නැත.මාද එසේමය..ඒ නිසා අපිට අපි තේරුම් ගන්න පුළුවන් විය..අද වන විට මගේ සිතුවම් විදේශ රටවල පවා ගෞරවයට පාත්ර වි ඇත.මේ සියළු දේ #ප්රතික්ෂේප_විම හා #අහඹු_හමු_විම_නිසාය....
"මොනාද කල්පනාව.............."
දළදා සමිදු ඉදිරියේ පහන් දල්වන ඇගේ කල්පනාව දුරකය...හෙට අපේ ජිවිකේ එක් හැරවුම් ලක්ෂයකි.දෙමාපියන්ගේ ආශිර්වාදය මැද අපි අපේ ලොවක් තනාගන්න පළමු පියවර හෙට තබයි...අාදරය වචනයට එහා ගිය කැපවිම් වගකිම් ගොන්නකි.එය මා තේරුම් ගත්තෙ ඇයගෙන්ය..
"ඔයාගේ මගේ හමුවිම මේ කාලය පුරාවට වුන දේවල් මතක් වුනා..."
"දන්නවද මැණික ජිවිතේ අපි හොයාගන්න ඕනි #දවසක_හැමදේම_නැති_වුනත්_දාලා_යන්නේ_නැති_කෙනෙක්ට...ඔයාට ඇස් නොපෙනුනාට මේ නිකමා දාලා යන්න තිබුනා..හැබැයි ඔයා වයලිනය අරගෙන මාත් එක්ක බිම ඉදගත්තා..ඉතින් අන්න ඒ තැනයි අපේ ආදරේ ශක්තිමත්කම...අද තියෙන යාන වාහන අපිට හෙට නැති වුනත් මම දන්නවා අපිට අපි ඉන්නවා කියන්න...මගේ සාර්ථකත්වය අත දිලා ඉන්න ඔයා ඒ සාර්ථකත්වට සතුටු වෙන ඔයා මට කවදාවත් අකුල් හෙලන්නේ නෑ කියන්ක මම දන්නවා.එහෙම එකේ හෙට අපේ අත් බැදෙන්නේ එදා හිත් බැදුන නිසා...තේරුනාද...."
"ආදරෙයි මම........."
මේක පුජනිය ස්ථානයක් මැණික හෙට හවස දිහා ඕක මට කියන්න හාද.....
"මෙයානම්......."
ඒ තමා සතුට...විදින්න ජිවිතේ විදින කෙනෙක් හමුවිය යුතුමයි...නිති රිති බැද මා හිර තබන්න මගේ හින කුඩු කර ඇගේ හින එළිකරගන්න ඇය හින දැක්කේ නැත.විදේශගත් විම් එක්ක මට ඇයව පවා සමහර විට මඟහැරුන අවස්ථා තිබේ.ඒත් ඇය මනාව ඒ හැමදේම තේරුම් ගෙන මගේ ළග ඉන්නේ පුදුම කැපකිරිමකිනි.....
සුදු ඔසරිය ඇද ඇය අද මා හා පෝරුවක නැග රන් මුදුවෙන් බැදි සදහටම මගේ වි හමාරය...ඇත්තටම ඇය ජිවිතේ වෙනස් කරපු හැරවුමකි.පවනි නිසා විදවපු මගේ ජිවිතේ ආදරය සතුට සැනසිම ගෙනත් දෙන්න හිරුන්දිට පුළුවන් වෙද්දි ඇය ගැන හදවතේ ඉඩ වෙන්වුයේ සදහටම...අතේ සතයක් නැති තැන ජිවිතේ බිංදුවට වැටුන තැනක ආදරයක් හම්බෙනවනම් ඒ ආදරේ ජිවිතේ වෙනස් කරනවා...මොකද සල්ලි වලට කරන්න බැරි ගොඩක් දේවල් ආදරයට කරන්න පුළුවන් නිසා...හරියට අද මුළු ලෝකයක් අදුරන තැනට හිරුන්දිගේ ආදරය මාව ගෙනාවා වගේ..
සියළු චාරිත්ර වාරිත්ර අවසානේ හිතේ තිබුන පුංචි දෙයක් කියන්න වේදිකාවේ මයික් එක අතට ගත්තේ හිරුන්දි මම දිහාම බලන් ඉද්දි...මියුසික් එද්දි ඇය කවත් පුදුම වුනේ ඇය මේ කිසි දෙයක් නොදන්න නිසාමය...
"එබිකම් කරලා ඔබ රහසින් මා දිහා
ඉඟියෙන් කියූ පෙම් කතා
රැක ගන්නවා මා මේ දෑස මෙන් සැමදා
මගෙ ජීවිතේ ඇති තුරා....
පෙර අත් බවේ ආදරෙන් අපි ඉන්නැති
ඒ නිසා මේ භවේ අපි හමුවෙන්නැති
ආයෙමත් ඉපදුනා වගේ හිත කියනවා
ඔය දෑත ලැබුවොත් මෙමා
හුස්මටත් වැඩිය මං ඔබට පෙම් කරනවා
වචනෙන් නොකීවත් සදා....
ආදර මගේ පැවසූ මුල් දිනේ
ඔබේ සුදු මුහුණ රතු පැහැ කරන් කලබලේ
හීසර වගේ හිත පාරනු ඔබේ
වදනින් පසු බහින්න ළදේ කිසි දිනේ.....
පෙර අත් භවේ....
හීනෙන් වගේ සතුටින් හිත මගේ
ගැයු ගී මියැසියට සමවෙලා තුන් පැයේ
ජීවිතේ ඔබේ මට හිමි වෙන දිනේ
වැඩි ඈතක නොවෙයි කියලා දැනුනා ඉබේ......"
සිංදුව අවසානයේ හිරු මගේ පපුවට තුරුළු වෙලා දෑස් වල කදුළු පිට කරන්න ගත්තේ ඇයට ජිවිතේ කිසිදු දුකක් මා නොදෙන බවට මට මාවම පොරොන්දු කරගනිම්න්...සෑම පිරියෙකුගේම සාර්ථකවය පිටුපස ගැහැණ්යක් ඇතිබව මට පැහැදිලි වි අවසන්ය...එදා ගැහැණියක් නිසාම විනාස වුන මගේ ජිවිතය අද ගැහැණියක් නිසාම මල්ඵල ගැන් වි ඇති අයුරු පුදුමයකි..එහෙත් එයයි ඇත්ත...ආදරය යනු බලෙන් ලග තබා ගත යුතු දෙයක් නොවේ.එය හදවතින්ම විදිය යුතු දෙයකි...හරියට අද මා විදින ආදරය වගේ....#ජිවිතේ_සමහර_දේවල්_දුකින්_හෝ_වේදනාවෙන්_හෝ_අපි_ඈත්_කලොත්_ඊට_වඩා_හොද_දේවල්_ලැබෙනු_නොඅනුමානය.....
හිරූගේ නළලත මත මගේ දෙතොල් තැවරුවේ ආදරයට එහා ගිය ඇය ගැන ගෞරවටය...මා එදා කොච්චර දුක් වුවත් පවනිගේ හැරයාමට අද මා සතුටු වෙමි.එයට හේතුව #ඇගේ_හැරයාම_මගේ_හරියෑම වු නිසා...ඇය අද කෙසේ ඉන්නවද යන්නවත් මට සිතන්නට අවැසි නැත.එහෙත් ආරංචි වුන හැටියට ඇයට සියළු දේ තේරුම් ගොස් ඇත.නැවත මා ලගට එන්නටද ඇය උත්සහ කර ඇත.ඒත් මගේ හිරුගේ ආදරය #විස්වාසය නම් ශක්තිමත් බැම්මෙන් බැදි අවසන්ය...ඉතින් අද අපේ දෑස් වලින් අපේ හිත් වලින් ලෝකය දකි....අපේ ලෝකයක අපි අද ජිවිතය විදින්නට පටන් ගනි.....
දවසක නුඹේ කදුළු පිටුපස අැති වේදනාව දන්න අයෙකු නුඹේ ජිවිතයට එකතු වුවහොත් ඒ ජිවිතේ හරිම හමුවිමකි...නුඹේ හින එයාගේ හින වෙනවනම් ඉදිරියට තියන අඩියට ආශිර්වාදයක් වෙනවනම් නුඹේ හැගිම් අදහස් මනාව තේරුම් ගන්නවනම් ඒ තාම නුඹ හොයන ආදරය...හිත නිවෙන වචනයක් කියන රංඩු දාහක් මැද තරහ වුනත් වෙන් නොවෙනවනම් අපි දෙන්නා බිම වුනත් එකට ඉදගමු කියන කෙනෙක් ඉන්නවනම් අන්න නුඹ හොයන කෙනා...සමහර විට හමුවෙලා ඇති සමහරුන්ට හමුවෙලා නැති හොයනවා ඇති සමහරුන්ට හමුවෙලා රැකගන්න බැරි වුන විදින විදවන අරුම පුදුම අකුරු හතරකි #ආදරය.බැදෙන්නට කලියෙන් රන්හුයෙන් බැදෙන්න නුඹ සිත් වලින්......
..............නිමි...................
කතාව මනඃකල්පිතය.එහෙත් කතාව පුරාවට ගන්න දෙයක් අකුරු කළෙමි...ඉතින් කවර් එකට ගත්ත පිච් එක අහම්බෙන් මුහුණු පොතේ දුටු එකක්.හදවතින්ම ඒ දෙන්නටත් සුභ පැතුම්......කතාව ගැන හිතුන දේ කියමු...ආසයි අදහස් දැනගන්න......


0 Comments