කෙටි කතාව.
"අඩෝ ! රමේශයා බලපන්කො අරකි දිහා පට්ට කෑල්ල බන්"😋
" අම්මටසිරි නියමයිනේ මචෝ... උබටත් ඉදලා ඉදලා පේන ඒවා😂"
" අහ් ඔන්න බලහන්කෝ එහෙනම් උබ මන් බැලුවා වගේම දාගන්න හැටිත් ඕකිව"😌😌
" ම්ම් බලමුකො රන් රැසෝ උබ එහෙනම් ඕක දාගන්න හැටි"🤣🤣
පොඩි කාලේ ඉදල දඩබ්බර කමට හැදුන මම රන්රැස් දෙව්දුනු.. කියන්න තරම් ලොකු පෝසත්කමක් අපිට තිබුනේ නෑ. අම්මා ගේක වැඩ කරලා තමයි මාවයි ආච්චිවයි බලාගන්නේ. තාත්තා මන් ඉපදුනු ගමන්ම අම්මව දාලා වෙන ගෑනියෙක් ගාවට ගිහින්. මට ගෑනු සංහතියම එපා උනේ ඕක නිසයි.😞😞 අපි කලුතර
අම්මට මන් ගැන හොයන්න වේලාවක් තිබුනේ නෑ. ඒ නිසා හරි හැටි ඉගෙනගන්න උවමනාවක්වත් මට තිබුනේ නෑ. රස්තියාදු ගගහා ඉදියා. ගෙදරට නම් ඒ බවක් ඇගෙව්වෙ නෑ😁. දැන් වයස 21ක් හැන්සම් කොල්ලෙක් හොදේ රස්තියාදු ගැහුවට😌😌
මගේ යාලුවා තමයි රමේශ්..ඌ තමයි මට හැම මගුලටම සප් එක දෙන්නේ. කෙල්ලෝ එක්ක යාලු වෙනවා බයිටට ඊට පස්සේ අත් අරිනවා😒😒..
ම්ම් අපේ ඊලග ප්ලෑන් එක තමයි හන්දියේ කඩේට කිරි දාන කෙල්ලට ටෝක් කරන් එක. ☝ ඒකට තමයි රමේශයා මට චැලෙන්ජ් නොකර කටින් කින්ඩිය දැම්මේ.🤐🤐
පසුදා
"අඩේ අර බලහන් අන්ම උබේ ඇම එනවා ට්රයි එකක් දීලා බලහන්"
"අනිවා යකෝ ඔන්න බලහන්කෝ "
🤵අහ් නංගී කොහෙද මේ යන්නෙ
👧අහ් මේ නටන්න යනවා කිරිත් අරන්
(මේ බැල්ලිගේ ගෑස්)
🤵අහ් ඇත්තද ලගදිම තමුසෙට නටන්න වෙයි
👧😓😓😓😓අනේ සොරි මන් ප්රශ්නෙක ඉන්නේ ඒකයි කෑගැහුනේ.
🤵යනවා ඕයි යන්න.
"බලහන්කෝ බන් මේකිගෙ ගෑස්"
මට ආපු කේන්තිය මන් පාලනේ කරගත්තේ පලවෙනි පාරට කෙල්ලෙක් ඉස්සරහ. අනේ මන්ද මටත් පුදුමයි. බලමුකෝ එහෙමයි කියලා හිතන් අනිත් දවසෙත් උදේ ආවේ කෙල්ලව කොහොම හරි දාගන්නවා කියලා හිතන්.
👧😁😁
මේකි මොකෝ දුර ඉදන්ම පැනි මුට්ටිය පොලේ ගහන්නේ හිතත් මොකක්ද උනා. අඩෝ උබ ඕවට අහුවෙන් නෑ හොදේ. මන් මටම කියා ගත්තේ මේකිගෙ දත් තිස් දෙකම දාලා හිනා උන විදිහට හිත ගැස්සිලා ගිය කියලා තේරුන නිසා...
🤵අහ් අදත් නටන්න යනවද
👧☺️අනේ නැහැ අයියේ කිරි බෝතල් දෙන්න යනවා
🤵ම්ම් නම මොකක්ද තමුසෙගෙ
👧මන් රිද්මි සංසලා.. ඔයා
🤵ඒකෙන් වැඩක් නෑනේ. මන් තමුසෙට කැමතියි . තමුසේ හිතලා උත්තරයක් දෙනවා😌
👧😯😯ම..ම කොහොම එහෙම
🤵ඇයි මොකෝ මන් තමුසෙව උස්සන් යන් නෑ හෙට උදේට උත්තරයක් දෙනවා. මන් යනවා...
එහෙම කියලා මන් මගේ බොක්කටත් උන ඔක්කොම කියලා ගෙදර ඇවිල්ලා පොඩි ඇලට් එකක් දාන්න ගියා විතරයි මේකිගෙ මූන පේන්න ගත්තා.. කිසිම කෙල්ලෙක්ව කෙයාර් නොකරපු මම ඒ රූපෙට බැදුනද.. අනේ මන්දා හෙට බලමුකෝ...
🤵අහ් ගුඩ්මෝර්නින්
👧හ්ම්ම්
🤵මොකෝ තමුසෙගෙ කටේ බතල හිර වෙලාද🤬
👧නෑ ඊයේ කිව්ව දේට උත්තරේ
🤵අහ් ඔව් දෙනවා බලන්න උත්තරේ මොකෝ තමුසෙ අකමැතිද
👧නෑ නෑ මන් මේ....
🤵මොකෝ තමුසෙ කෙකර ගාන්නේ බිත්තර දාන්න ලන් වෙලාද🤬
👧නෑ ... මන් ඔයාට කැමතියි 😍😍
මට උන්හිටි තැන් අමතක උනා කවදාවත් නැති සතුටක් හිතපුරා දිව්වා.. එහෙම්මම ඒ තොල් වලට බර උනේ ආදරයක්ද කියලා දැනෙද්දි. ඔව් කෙල්ලත් මට අවනත් උනේ ඉන්න තැනත් අමතක කරලා. එදා පටන් ගත්ත අපේ කතාව ගලන් ගියා. රමේශයා මට නිතරම මතක් කලා උබ ජෝක් එකට ලන් වුනේ කියන එක ඒත් මට එහෙම හැගීමත් ඇති වුන් නෑ..කොහොමහරි මායි කෙල්ලයි එදා හම්බෙන්න ගියා බීච් එකට..
🤵මැනික..
👧ම්ම් මොකෝ මෝඩයො
🤵ඔයාට මාව විශ්වාසයි ද
👧ඔව් මගේ මහත්තයෝ ගොඩක් විශ්වාසයි..
ඒ එක්කම මහ වැස්සක් කඩන් පාත් වුනේ අපි දෙන්නට යන්න එන්න තැනක් නැති වෙද්දි. කෙල්ලව හොදටම තෙමිලා. කරන්න දෙයක් නැතිකමටම ලග තිබ්බ හොටෙල් එකට ගියෙ වැස්ස අඩු උනාම යන්න හිතන්. ඉතින් අපි කාමරයක් ගත්තා. එදා තමයි අපේ ජීවිත වෙනස් කලේ.. ඔව් මට කෙල්ලව දැක්කම මාට පාලනය කරගන්න බැරි උනා මාවම. එදා කෙල්ල එකිගේ වටිනාම දේත් මන් වෙනුවෙන් පූජ කලේ ලොකු ගෞරවයකින්. කෙල්ල ඒ හැමදේටම ඉඩ දුන්නෙ තියෙන විශ්වාසෙ නිසා..
වැස්ස අඩු උනා ..
කෙල්ලෙක් විදිහට ගිය කෙල්ල එලියට ආවේ ගෑනියෙක් වෙලා.. හ්ම් ඒත් මන් එතනින් එලියට ආවේ මගේ කෙල්ලව මගේම කරගන්නවා කියලා හිතාගෙන...
අදට අපි යාලුවෙලා මාස හයක් වෙනවා. කෙල්ල මට එපා වෙලා තිබුන ගෑහැනිය හරි අපූරූ නිර්මාණයක් කියලා පෙන්නලා දුන්නෙ මගේ ලෙයින් උපන් කිරි කැටිය ඒ කුස තුල වැඩෙනවා කියලා දැනගනිද්දි..එදා මන් තරම් සතුටු උන පිරිමියෙක් මේ ලොකේ නැති තරම්.. මන් එදාම මගෙ ගෙදරට කිව්වා එයාලගේ ගෙවල් වලටත් කිව්වා මගේ මැනිකව මගේ ලගටම ගන්න ඕනි උනා .
ඒත්...
ට්රීං ට්රීං .....
🤵හෙලෝ කවුද මේ
👵මේ රන්රැස් පුතා නේද? මන් රිද්මිගෙ අම්මා
🤵අහ් ඇන්ටි කියන්න මොකක් හරි ප්රශ්නයක් ද?
👵පුතා කලබල වෙන්න එපා දුවට හදිස්සියේ කලන්තයක් ඇවිත් ඉස්පිරිතාලෙ නැවැත්තුවා පුතා එන්න පුලුවන්නම්...
ඒ වචන ඇහුවා විතරයි මන් ෆෝන් එකත් සාක්කුවේ දාගෙන ඇදන් ඉදපු ශෝට පිටින්ම ගියේ ඉස්පිරිතාලෙට.. හදිසි ප්රතිකාර ඒකකයට මගෙ මැනිකව දාලා තිබුනා බට ගොඩක් මැද. නිකන් කලන්තයක් නම් ඇයි මේ බට ගොඩක් ගහලා. අනේ දෙයිනේ මගේ පපුව ගැහෙන්න ගත්තේ ගැලවිල එලියට එනතරම් වේගෙන්. අපෙ අම්මත් ආවා ඒ එක්කම. අම්මල දෙන්නම බලන් ඉන්නේ ඩොක්ටර් එනකන්... හදිසි ප්රතිකාර ඒකකයේ දොර ඇරුනා. රිද්මිගේ අම්මා...
👵අනේ දොස්තර මහත්තයෝ මගේ කෙල්ලට කොහොමද
👱මගේ රූම් එකට එන්නකො අම්මේ
ඒ වචන වලින් මගේ හදවතේ ගැහෙන වේගෙ තව තවත් වැඩි උනා. අම්මනම් කිව්වෙ බය වෙන්න එපා කියලා.. දොස්තර හම්බෙන්න ගියා..
👱මේකයි ඒ ගැහැනු දරුවා අම්මා කෙනෙක් වෙන්න ඉන්නෙ. තත්වෙ බරපතලයි..
🤵ඒ කිව්වේ?😯
👱එයාට හදවතක් බද්ධ කරන්න ඕන පුලුවන් තරම් ඉක්මන්ට . නැත්තම් ජීවිත දෙකක් නැති වෙනවා...
හෙන ගෙඩි දාහක් ඔලුව උඩ පුපුරනවා වගේ දැනුන. එකම විලාපයක් එතන. මේ හදිස්සියේ කොහොමද දෙයියනේ මගෙ කෙල්ලට හාර්ට් එකක් හොයන්නෙ.කරන්න කිසිම දෙයක් නෑ.. පැය කීපයක් ඇතුලත් හොයා නොගත්තොත් මගෙ කෙල්ල මැරෙනවා..මන් මගේ කෙල්ලට මගේ හාර්ට් එක දෙනවා කොල්ලා තීරණය කලා..
මගෙ මැනික වෙත.
මැනික මේ ලියුම කියවද්දි මන් ජීවතුන් අතර නැතිවෙයි. ඒත් උබ වෙනුවෙන් ගැහෙන මගේ හිතේ ආදරේ උබ ලගම පරිස්සමට තියෙයි.
මං මුලින්ම මගෙ මැනිකට ලන් උනේ ආදරේ කරන්න හිතන් නෙමෙයි. මට ගැහැනු ජාතිය තිත්ත උනේ තාත්තා කරපු වැරැද්ද නිසයි. ඒත් මන් මගේ කෙල්ලට ආදරේ කරන්න පටන් අරන් මටත් නොදැනිම.එදා මගේ අතින් උන දේට මට සමාවෙයන් මැනික. මට උබව දාලා යන්න ඕන කමක් නෑ අපේ පැටියත් එක්ක සතුටින් ඉන්නයි ඕන. ඒත් අද මන් මේ දේ කරන්නෙ උබවයි මගෙ පැටියවයි රැකගන්න. මට සමාවෙයන් මගෙ රත්තරනේ..
නොහැක මේ බවේ කැදලි තනන්නට...
මතු බවේ කිරිල්ලියේ , අවසර මට...
තනන්නට අපේ නමින් කැදැල්ලක් ...
එතකන් පරිස්සමින් ඉදපන්..
මගේ පැටියට වෙමින් හොද අම්මෙක්...
මීට
රන්රැස්
ඔව් කවුරුත් නොහිතපු විදිහට කෙල්ලට හදවතක් ලැබුනා. පැය 8ක ශල්ය කර්මයකින් පස්සේ කෙල්ල ටික ටික යතාතත්වෙට ආවා. පැටියත් හොදින් ඉන්නවා .කොල්ලගෙ අම්මයි කෙල්ලගෙ අම්මයි නම් හිටියේ තරහින් කොල්ලට මේ වගේ වෙලාවකවත් ඉන්න බැරි උන නිසා. කෙල්ලට සිහිය ආපු ගමන් කොල්ලව හොයන්න ගත්තේ.
👧අම්මේ කෝ අයියා?
👵පුතාට කන්න ගේන්න ගියා
කටට ආපු බොරුවක් කියල කෙල්ලව සැනසුවෙ කොල්ලා පේන්නවත් නැති නිසා. කෙල්ල අහන්නෙම කොල්ලව.ඒත් එක්කම ආපු ඩොක්ටර් කෙල්ලගෙ අතෙන් ලියුමක් තියලා ගියෙ හැමෝමව පුදුම කරන ගමන්.
ලියුම කියවන්න ගත්ත කෙල්ල මහ හයියෙන් ඉස්පිරිතාලෙම දෙවනත් වෙන්න කෑගැහුවා.. අම්මල දෙන්නත් බැලුවා දෙයිනේ ඉවසගන්න බෑ කාටවත්ම. මෙච්චර ලොකු කැප කිරීමක්. කෙල්ලට සැරින් සැරේ සිහිය එනවා නැති වෙනවා.
වසරකට පසු ,
මැනික පුතා අඩනවා ඉක්මන්ට එන්න...
මේ එනවා අයියේ ඉන්න ..
ඔව් රිද්මි දැන් අම්මා කෙනෙක් ඒ වගේම බිරිඳක්. වෙන කාටවත් නෙමෙයි රන් රැස්ගේ හොදම යාලුවට තමයි රිද්මි පතිනිය උනේ. රමේශ් රිද්මිව කසාද බැන්දේ යාලුවට උන පොරොන්දුව නිසා.ශල්යකර්මයට කලින් කොල්ලා කෝල් කරල රමේශ්ව පොරොන්දුව කරගත්තා. ඒ කෙල්ලට මේ ලොකේ තනියෙන් ඉන්න දෙන්න බැරි නිසා.. කෙල්ල අකමැත්තෙන් තමයි රමේශ්ව කසාද බැන්දේ. දෙන්නා කවදාවත් ගතින් එක් උනේ නෑ. රමේශ් කවදාවත් කිසිම වෙනසක් කලේ නෑ. මොකද යාලුවගෙ පණ ටික කෙල්ලයි දරුවයි කියලා දන්න නිසා.
කොල්ලා නැති වෙලා වසරක් පිරෙන දවස නිසා කෙල්ල ලෑස්ති උනේ පන්සලට ගිහින් දානේ දීලා කොල්ලගෙ සොහොන ලගට යන්න..කෙල්ල කොල්ලගේ දරුපැටියවත් තුරුල් කරන් ගියෙ කොල්ලගෙ සොහොන ලගට...
👧මගේ මහත්තයෝ මේ බලන්න ඔයා වගේම ඉක්මන්ට කේන්ති යනවා රත්තරනේ මෙයාට. ඔයාගේ ගතිගුනමයි අපේ පැටියට තියෙන්නෙ. අනේ මහත්තයෝ ඔයා නැතුව ගොඩක් පාලුයි.. ආයේ කිසිම ආත්මෙක මාව කාටවත් දෙන්න එපා මහත්තයෝ. ලබන ආත්මේ මගෙ මහත්තයා මන් ලගටම එනවා නේද .. එතකන් මේ හදවත් දෙකම පරිස්සමින් ඉන්නම්..
එහෙම කියලා අඩද්දි රමේශ් කෙල්ලගේ අතේ ඉදපු දරුවව වඩාගෙන කෙල්ලවත් වත්තම් කරගත්තේ කොල්ලට දුන්න පොරොන්දුව ඉශ්ට කරා කියන්න වගේ. ඒ හැමදේම කොල්ලට දැනුනා වගේ කෙල්ලගේ හදවත වේගෙන් ගැහෙන්න ගත්තා. කෙල්ලටත් ඒක නොතේරුනාම නෙවෙයි.
කෙල්ල ඒ ගැස්ම සතුටින් දරාගත්තේ රන් රැස් ලග ඉන්නවා කියලා දැනෙද්දි .දරු පැටියත් එක්ක තුන්දෙනාම යන දිහා කොල්ලා බලන් ඉදියේ ලන් වෙන්න බැරිවුනත් ඒත් සතුටින්. තමන්ගේ හදවත තියෙන්නේ තමන් පණ තරම් ආදරේ කරපු ඒ හිත ලග කියන සතුටින්. ඊලග ආත්මේ කෙල්ලව තමන්ගේ වෙන්න හිතමින් සුලගකින් සියල්ල නැති වෙලා ගියා..
ගැහෙන මගෙ පපුව පුරා
වැටෙන මගෙ හුස්ම ඔයා....💕💕💕
(නිමි)
චූටි කතාකාරි
වැරදි වලට සමාවෙලා ස්ටිකර් කමෙන්ට් නැතුව කතාව ගැන වචනයක් කියන් යන්න යාලුවනේ🤭🤭